Monday, June 4, 2012

පහන් සිල දැල්විලා




පහන් සිල දැල්විලා
සමිඳු රුව එළිය වී 
අනුරුව සිතින් මවා 
සැනසෙමින් වඳින්නම් 

පිදූ මල් පාමුලේ 
සුවඳ හද වෙත එබේ 
භව කතර අනියතයි 
මෙනෙහි වේ හිමියනේ 

බෝ පත් සුළන් පොදින් 
ඔබ සෙවනේ සිසිලසයි 
නිවන් සිතිවිල්ලකින් 
හද නිවේ හිමියනේ 







ගායනය: ජගත් වික්‍රමසිංහ මහතා

No comments:

Post a Comment