Monday, June 4, 2012

බුදුනේ...




බුදුනේ... බුදුනේ... 
බුදු පියාණනේ.... 

මනුසත් දෙරණේ අඳුර මකා 
පුනරාගමනය කල මැනවී 
පුනරාලෝකය දෙනු මැනවී 
බුදුනේ.. බුදු පියාණනේ.... 

පියාණනේ ඔබ බෝ මැඩ සිටියත් නිසංසලේ..... 
ඔබ සෙවනැල්ලේ.. දුසිරිත් දැඩිවෙයි නිරන්තරේ... 
බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය 
බොදුදම මැද මියැදී අවසානය 
බුදුනේ.. බුදු පියාණනේ.... 

නිවන් පුරේ සිට අදිසි වෙසින් හෝ වැඩම කරන් 
මිනිසත් කම ගැන බණ පදයෙන් හෝ බය දුරලන් 
ඔබ දුටු නිර්මල දැහැමි අතීතය 
අදමින් ජනසිත් අතර අනාතය 
බුදුනේ.. බුදු පියාණනේ.... 





ගායනය: ෂෙල්ටන් පෙරේරා මහතා

No comments:

Post a Comment