Monday, June 4, 2012

සොයා පිළිසරණක්..



සොයා පිළිසරණක්..
ලොවෙන් මා නොලැබ හව්හරණක් 
භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ 
ඔබේ බුදු වදනක් 

ගෙවා සුවහස් යොදුන් මේ කතරේ.... 
සොයා යන මං නොදැන මේ අඳුරේ.... 
යුගෙන් යුගයේ පතා ආයෙමි හිමියනේ ඔබේ 
ඔබේ බුදු සිහිලක් 

මහා කරුණා නුවන් දිය ගැඹරේ.... 
ගිලී සැනහී නිවා ගිනි සසරේ.... 
පහන් වැට සේ සොයා ආවෙමි හිමියනේ ඔබේ 
ඔබේ නෙතු කැල්මක් 


ගායනය: සුනිල් එදිරිසිංහ මහතා

No comments:

Post a Comment