Saturday, June 2, 2012

සඳකඩ පහනක කැටයම් ඔපලා




සඳකඩ පහනක කැටයම් ඔපලා 
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක් 
අකුරු වැලක් දෙහදක ලියවෙයි
යුගයෙන් යුගයට නොමියෙන දහනක 
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී


දහසක් පෙති මත රහසක් කොඳුරා 
තුඩින් තුඩට ගෙනයන බිංදූ
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා 
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවුනු වැහි බිංදූ
ඈ ගෙන යද්දී නටබුන් අතරේක
 තවකෙක් ඈ වෙත හද රැන්දූ


හදවිල ඉපැදුනු කැකුලක් නොකලෙක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක් 
සත්සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද 
එක්ටම් මැදුරක කඳුලු අරා
රුවන් විමානේ පියඹා එනතුරු 
පොපියන හදවත සිටියි බලා







ගායනය: සුනිල් එදිරිසිංහ මහතා

Thursday, May 31, 2012

කඳුපාර ඈත අයිනේ






කඳුපාර  ඈත අයිනේ 
සඳ රෑට ඈ සිනාසේ
වේදනා සිතාරයේ ඒ 
ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

යාලු වී දෙවටේ එදා 
 කී කතා අසා
පාළු වී හැඬුවා 
සදා මාරුතෙ පවා

ගං ඉමේ මාදං කැලේ 
පාසලේ පුරා
මා සොයා අවා වගේ 
වෙන් වෙලා ගියා









ගායනය: මිල්ටන් මල්ලවාආරච්චි මහතා

ආදර මල් වල...





ආදර මල් වල... පාට කියන්නද..
ඒ වගෙ ලස්සන.. තව නෑ//
මීදුම් පිනි පොද... දෑස වසන් කර..
සමනල් සිහිනය... පිපුනා...//

දේදුනු රැ..ක... දෑසම තවරා.....
තවමත් මල් සිත.... බලා සිටිනවා....
මීදුම් තවරා සුළඟට... ඈතක සඟවා තුන් සිත..
දෑස හොරෙන් ඈත.... සොයනවා...
අඳුර මැදින් එන්න සඳලියේ....

දේදුනු සායම.. දෑසින් බොඳකර...
මාලති යායක.... හැලිලා...
සීතල හිම කඳු... යායක පිය මැන..
දෙව්ලිය සිහිනෙට වැඩියා...//




ගායනය: කසුන් කල්හාර මහතා 


දවසක් දා... හැන්දෑවක




දවසක් දා... හැන්දෑවක

පොතක් බලන්..නට සිතුනා 
හිතුවෙත් නෑ... ඒ ජාමෙට 
ඔබව මතක්..වෙයි කියලා 

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා 
ඈ මගේ සිතේ සක්මන් කලා 
මා දිහා බලා සුසුමන් සලා 
ආදරෙයි කියා නොකියා ගියා 
කියා පොතේ ලියවී... තිබු ..නා

රේණු රේණු මල් මිටේ රේණු 
ඈට පෙම් කරන්න මට බෑ ලූ
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලූ.....
රොන් පීරී සැලෙන්න..න මල් රේ..ණූ

සද වත දෝ.... මා දුටුවේ....
ඔබෙ ගත දෝ.... මා දුටුවේ....
සිතුවම් දෝ.... මා දුටුවේ....
හැබහින් දෝ.... ඔබ දුටුවේ..




ගායනය: රූකාන්ත ගුණතිලක මහතා

Wednesday, May 30, 2012

මේ ගඟ මේ දුරු කතර ගෙවා





මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලෙන් මතු වී
ඇයි ඔබ ආදර මල පිපුනේ

මේ විස කටු ගස ලඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබේ සුරතේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ







ගායනය: නිරන්ජලා සරෝජනී මහත්මිය

මං මුලා වී පාර හොයාගෙන





මං මුලා වී පාර හොයාගෙන
අසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනලියකගෙනි
පාර අසා තිබුනේ

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකය අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

අප හමු වූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූවේ ඇයි දැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකි නම්
අප යන ගමනද අද මෙතැනින් නිමි






ගායනය: විශාරද ගුණදාස කපුගේ මහතා

වලා තීරයෙන් එහා




වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙම් පැතුම් බිඟුම්
අපේම ලෝකයක්....

තරංගයක් ලෙසින් අඳි
බිදී නොයන් සිතින්
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්....

සිහිල් සහන් සුසුම් සරින්
පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්....




ගායනය: ටි එම් ජයරත්න මහතා