Friday, June 8, 2012

මෙහෙනියක වී



මෙහෙනියක වී සසර කතරින් 
එතෙර වන්නට පාරමී පුරනා 
ඔබ පෙම්වතියක් ලෙසින් 
එදා මා පෙමින් එදා මා ලඟ උන්නා

අවිහිංසක ඔබ අවිහිංසක මා 
දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද 
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද 
දහස් වරක් දෙගුරුන් රිද වූවා 

පලිගන්ට මිස පිලිගන්නට මා 
දෙගුරුන්ගේ සිත් නොකැමති වූවා
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට  
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට 
කසා වතට ඔබෙ වත දන් දුන්නා







ගායනය: නාමල් උඩුගම මහතා

Monday, June 4, 2012

පහන් සිල දැල්විලා




පහන් සිල දැල්විලා
සමිඳු රුව එළිය වී 
අනුරුව සිතින් මවා 
සැනසෙමින් වඳින්නම් 

පිදූ මල් පාමුලේ 
සුවඳ හද වෙත එබේ 
භව කතර අනියතයි 
මෙනෙහි වේ හිමියනේ 

බෝ පත් සුළන් පොදින් 
ඔබ සෙවනේ සිසිලසයි 
නිවන් සිතිවිල්ලකින් 
හද නිවේ හිමියනේ 







ගායනය: ජගත් වික්‍රමසිංහ මහතා

බුදු කරුණා දෑස තෙමී





බුදු කරුණා දෑස තෙමී 
මෙත් සිහිලැලි ඇද හැලුනා 
නිවා තාප ලෝ කතරේ 
අමා වතුර ගලා බසී 

කඳු වැටි වල නිසොල්මනේ 
ගහ කොළ මල් පිපී නටයි 
නැවුම් පොළොව ළඟ ඉඳගෙන 
බුදු සිරිපා පහස ලබයි 

කෙළෙස් මලින් උකටලි සිත 
නිවා තවන සුවය සොයයි 
නිසල ඔබේ බුදු රුව ළඟ 
මගේ හද භාවනා කරයි

 





ගායනය: නන්දා මාලිනී මහත්මිය

බුදුනේ...




බුදුනේ... බුදුනේ... 
බුදු පියාණනේ.... 

මනුසත් දෙරණේ අඳුර මකා 
පුනරාගමනය කල මැනවී 
පුනරාලෝකය දෙනු මැනවී 
බුදුනේ.. බුදු පියාණනේ.... 

පියාණනේ ඔබ බෝ මැඩ සිටියත් නිසංසලේ..... 
ඔබ සෙවනැල්ලේ.. දුසිරිත් දැඩිවෙයි නිරන්තරේ... 
බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය 
බොදුදම මැද මියැදී අවසානය 
බුදුනේ.. බුදු පියාණනේ.... 

නිවන් පුරේ සිට අදිසි වෙසින් හෝ වැඩම කරන් 
මිනිසත් කම ගැන බණ පදයෙන් හෝ බය දුරලන් 
ඔබ දුටු නිර්මල දැහැමි අතීතය 
අදමින් ජනසිත් අතර අනාතය 
බුදුනේ.. බුදු පියාණනේ.... 





ගායනය: ෂෙල්ටන් පෙරේරා මහතා

සොයා පිළිසරණක්..



සොයා පිළිසරණක්..
ලොවෙන් මා නොලැබ හව්හරණක් 
භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ 
ඔබේ බුදු වදනක් 

ගෙවා සුවහස් යොදුන් මේ කතරේ.... 
සොයා යන මං නොදැන මේ අඳුරේ.... 
යුගෙන් යුගයේ පතා ආයෙමි හිමියනේ ඔබේ 
ඔබේ බුදු සිහිලක් 

මහා කරුණා නුවන් දිය ගැඹරේ.... 
ගිලී සැනහී නිවා ගිනි සසරේ.... 
පහන් වැට සේ සොයා ආවෙමි හිමියනේ ඔබේ 
ඔබේ නෙතු කැල්මක් 


ගායනය: සුනිල් එදිරිසිංහ මහතා

Saturday, June 2, 2012

සඳකඩ පහනක කැටයම් ඔපලා




සඳකඩ පහනක කැටයම් ඔපලා 
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක් 
අකුරු වැලක් දෙහදක ලියවෙයි
යුගයෙන් යුගයට නොමියෙන දහනක 
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී


දහසක් පෙති මත රහසක් කොඳුරා 
තුඩින් තුඩට ගෙනයන බිංදූ
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා 
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවුනු වැහි බිංදූ
ඈ ගෙන යද්දී නටබුන් අතරේක
 තවකෙක් ඈ වෙත හද රැන්දූ


හදවිල ඉපැදුනු කැකුලක් නොකලෙක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක් 
සත්සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද 
එක්ටම් මැදුරක කඳුලු අරා
රුවන් විමානේ පියඹා එනතුරු 
පොපියන හදවත සිටියි බලා







ගායනය: සුනිල් එදිරිසිංහ මහතා

Thursday, May 31, 2012

කඳුපාර ඈත අයිනේ






කඳුපාර  ඈත අයිනේ 
සඳ රෑට ඈ සිනාසේ
වේදනා සිතාරයේ ඒ 
ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

යාලු වී දෙවටේ එදා 
 කී කතා අසා
පාළු වී හැඬුවා 
සදා මාරුතෙ පවා

ගං ඉමේ මාදං කැලේ 
පාසලේ පුරා
මා සොයා අවා වගේ 
වෙන් වෙලා ගියා









ගායනය: මිල්ටන් මල්ලවාආරච්චි මහතා